විලයාය මැදි මහ විදුහලේ පිය සටහන් රළු බොරළු මතින් ගිරි ශිඛර මැදින් කටු කොහොල් හැරදා තුටු කඳුළු හෙලා නව මං පෙතකට පිය ඔසවන්නට විලයායේ ගමන් මඟ
ක්‍රි. ව. 1954 සමාගම් පාසලක් ලෙස ආරම්භ වූ විලයාය විද්‍යාලය අද බෝගස් හන්දිය නමින් හඳුන්වන විලයාය නම් පිටිසර ගම් පියසේ ආරම්භ වී ඇත. මෙම පාසලේ ප්‍රථම විදුහල්පති වූයේ බී. හේවාවිතාරණ මහතා ය. එවකට එහි 01 සිට 05 ශ්‍රේණිය දක්වා පංති පැවැත්වූ අතර, එක් ස්වේච්ඡා ගුරුවරියක සහ ගුරුවරයෙක් සේවය කළේය . එක් පංතියකට ළමුන් 10 කට අඩු ප්‍රමාණයක් බැගින් එහි මුළු සිසුන් 50 ක පමණ සංඛ්‍යාවක් සිටි අතර, පොල් අතු සෙවිලි කළ ශාලාවක පාසල පවත්වා ගෙන යන ලදි. 1956 වසරේ දී මෙම සමාගම් පාසල් රජයට පවරා ගන්නා ලද අතර, 1957 ජනවාරි මාසයේ සිට ආර්. ඒ. ඩී. සයිමන් සිඤ්ඤො මහතා විදුහල්පති ලෙස වැඩ භාරගෙන ඇත.
විලයාය ගමේ පිහිටි මෙම පාසලේ භූමි ප්‍රමාණය අක්කර 03 කි. මෙය ක්‍රමයෙන් කණිෂ්ට විදුහලක් බවට පත් වූ අතර, මෙම පාසල 1964 වර්ෂයේ දී මුලින් පිහිටා ඇති ස්ථානයේ සිට වර්තමාන පාසල් බිම වෙතට රැගෙන එන ලදි. එහි එක් ගුරු නිවාසයක්, ළිඳක්, හා 80x20 එක් ශාලාවක් සාදා තිබිණි. එහි භූමි සේවය කළ අක්කර 05 කි. මෙහි සිසුන් සංඛ්‍යාව 100 ඉක්මවිය. එස්. කේ. එස්. ධර්මතිලක මහතා 1969 වර්ෂයේ ජනවාරි මස සිට පාසලේ විදුහල්පති ලෙස පත්විය. ඔහුගෙන් අනතුරුව පාසලේ විදුහල්පති ලෙස 1971 වසරේ සිට එම්. ඩබ්. ද සිල්වා මිය ද, ඇයගෙන් අනතුරුව 1971. 08.03 වන දින සිට පී. කේ.සිරිසේන මහතා වැඩ බලන විදුහල්පති ලෙස ද පත්විය.
1974.01.02 දින සිට එම්. ඩබ්. පෙරේරා මහතා විදුහල්පති ලෙස පත්විය. එකළ පාසල නඩත්තු පාසලක් බවට ද පත් වූ අතර ඔහු 1977.01.01 වන දින දක්වා සේවය කළේ ය. එදින සිට එනම් 1977.01.01 වන දින සිට බී. පී. තණවීර ආරච්චි මිය විදුහල්පතිනිය ලෙස පත්විය. ඒ වනවිට පාසලේ ශාලාව අඩි 180ක් දිග තනි ගොඩනැගිල්ලක් ව පැවතිණි. මෙම කාලයේදී අඩි 180ක් දිග නව ශාලාවක් ද, ගුරු නිවාස 02 ක්ද අලුතින් ඉදිවිය. මෙතුමියගේ කාලයේ විද්‍යාලයේ පළමු නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 1978 මාර්තු 18 වන දින අලංකාරවත් ව පැවැත් විය.
මෙම කාලය තුළ විලයාය විද්‍යාලය මහා විද්‍යාලයක් ලෙස පෙරමුණට පැමිණියේ ය. මෙතුමිය 1980 වසරේදී පාසලෙන් ඉවත්ව ගිය අතර අනතුරුව ආර්. ඩබ්. ජී. ධර්මදාස මයා විදුහල්පති ලෙස පත්විය. මෙතුමා 1982 වසරේදී විශ්‍රාම ගිය අතර, 1982 පෙබරවාරි 13 වන දින ඩබ්.ඒ.ඩී. හේරත්හාමි මයා මෙම විද්‍යාලයේ විදුහල්පති ලෙස පත්විය. අනතුරුව 1983.01.07 වන දින සිට එස්. එම්. එස්. සමරකෝන් මයා විදුහල්පති ලෙස පත්ව ආවේ ය.
I ශ්‍රේණියේ විදුහල්පති වරයෙක් වූ සමරකෝන් මයාගේ සමයේ මෙම විද්‍යාලයේ පාසල් ගීතය ප්‍රථම වරට එළි දැක්විණි. මෙම කාලය වන විට විද්‍යාලය තුළ නව ගොඩනැගිලි රැසක් ඉදි විය. ඒවා මෙම විද්‍යාලය මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත් වීමට අඩිතාලම දැමී ය. මෙම පාසල තුළ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අනුබද්ධව සංවර්ධන කටයුතු රැසක් විද්‍යාලය වෙනුවෙන් සිදු විය. මෙම සමයේ විද්‍යාලයේ පළමු තූර්ය වාදක කණ්ඩායම එළි දැක්විණි. මෙම විදුහල්පතිවරයා 1985.06.01 දින විශ්‍රාම ගිය අතර අනතුරුව අයි.බී.අයි. ටිකිරිබණ්ඩා මයා විදුහල්පති ලෙස පත්විය. ඔහු 1987.02.20 දින දක්වා සේවය කොට ස්ථාන මාරු ලැබ ගියේ ය. ඉන් අනතුරුව මෙම විද්‍යාලයේ සේවය සඳහා පැමිණි විදුහල්පති වරු අතර 1987 පෙබරවාරි මස සිට ජී. ඩී. ගුණරත්න මයා ද, 1989 සැප්තැම්බර් මස එල්. බී. සමරකෝන් මයා ද, 1990 පෙබරවාරි මස සිට ආර්. එම්. බී. රත්නායක මයා ද, 1991 ජනවාරි මස සිට ආර්. ජී. ඒ. ජයවර්ධන මිය ද, විලයාය විදුහලේ විදුහල්පතිවරු ලෙස කටයුතු කර ඇත.
1991.08.18 වන දින සිට විලයාය විද්‍යාලයේ වැඩ බලන විදුහල්පති ලෙස පූජ්‍ය නිතුල් ගොල්ලෑවේ ධම්මාලංකාර හිමියන් පත්ව ආවේ ය. තවද මෙම විදුහලේ විදුහල්පති වශයෙන් ද පත්වූ ස්වාමීන් වහන්සේ පාසලේ භෞතික හා අධ්‍යාපනික සංවර්ධනයට කැපවෙමින් වසර 18 කට වැඩි කාලයක් විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කළේ ය. එමෙන්ම 1991.08.15 දින සිට ක්‍රියාත්මක වන පරිදි විලයාය මහා විද්‍යාලය, මධ්‍ය මහා විද්‍යාලයක් විය. අනතුරුව මෙය නවෝද්‍යා පාසලක් බවට පත්වීම සිදු වූ අතර, පරිගණක විද්‍යාගාරයක් ලැබීම , උසස් පෙළ විද්‍යා විෂය ධාරාව ඇරඹීම සඳහා දෙමහල් විද්‍යාගාරයක් ලැබීම, දෙමහල් නේවාසිකාගාර ගොඩනැගිලි දෙකක් ලැබීම, දෙමහල් පුස්තකාලයක් සිසු දරුවන්ගේ පරිහරණයට ලැබීම යන භෞතික සංවර්ධනයේ විශේෂාංග රැසක් මෙකල හිමි විය.
විලයාය මැදි මහ විදුහල් ඉතිහාසයේ සංවර්ධනාත්මක පියවර ඉදිරියේ නොමැකෙන පරිදි එවකට රජයේ මහවැලි සංවර්ධන ඉඩම් හා ගොවිජන සේවා අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නොමද අනුග්‍රහය ලැබීම් මත සිදුවිය. මෙකල විද්‍යාලය 1 AB පාසලක් බවට පත් වූ අතර, මේ තුළින් රටට වැඩදායි බුද්ධිමත් පුරවැසියන් රැසක් දායාද කිරීමටත් විලයාය මධ්‍ය මහා විද්‍යාලය සමත් විණි. 2009.03.19 වන දින සිට විදුහලේ විදුහල්පති ලෙස පී.ඩී.ජී. දසනායක මහතා පත්ව ආවේ ය. මෙතුමා වසර 03 ක පමණ කාලයක් විද්‍යාලයේ සේවය කළේ ය. මෙකල ගුරු මණ්ඩලය 80 ක් පමණ ද සිසු ගහණය 2000 කට ආසන්න ද විය. මෙම කෙටි කාලය තුළදී පාසලේ විෂය කටයුතු, අධ්‍යාපන සංවර්ධන කටයුතු වලද දියුණුවක් ඇති විය. මෙතුමාගේ කාලය අවසන් වන විට මෙම විද්‍යාලය “පාසල් දහසක් නඟා සිටුවීමේ වැඩසටහන” සඳහා ඇතුළත් ව තිබිණ.
අනතුරුව මෙම විද්‍යාලයේ විදුහල්පති ලෙස තිලක් පත්මසිරි මහතා පත්ව ආ අතර ඔහු 2003 අප්‍රේල් මස ස්ථාන මාරු ලැබ ගියේ ය. අනතුරුව ඩී. ආර්. ඒ. එල්. සුඛිත් රණසිංහ මහතා මෙහි විදුහල්පති ලෙස 2016 අප්‍රේල් මස දක්වා ම වසර 04 කට ආසන්න කාලයක් විද්‍යාලයේ භෞතික හා පාරසරික සංවර්ධනයට මඟ පෙන්වමින් සේවය කළේ ය. “පාසල් දහසක් නඟා සිටුවීමේ වැඩසටහන” යටතේ විලයාය විද්‍යාලයේ සිසු දරුවන් වෙනුවෙන් තාක්ෂණ විද්‍යාගාරයක් සහ තාක්ෂණ පීඨයක් ඉදිවිය. 2016 අප්‍රේල් මාසයේදී විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ නව විදුහල්පතිවරයා ලෙස ඩී. ඒ. ඩී. රත්නසිරි මහතා පත්ව ආවේ ය. මේ වන විට විලයාය මධ්‍ය මහා විද්‍යාලය එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ රජරට නවෝදය වැඩසටහනට සමගාමීව “පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ නව සංවර්ධනාත්මක පියවරකට අවතීර්ණ වී තිබිණි.