විලයාය ජාතික පාසල

පොළොන්නරුව

විලයාය ජාතික පාසල

Battle of the Brave Son's VNS VS DNS

schoolpodi.jpeg
schoolpodi.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

කේ.ජී.ජී.බණ්ඩාර

පො/දිඹු/විලයාය  ජාතික  පාසල  1956 වර්ශයේ  ආරම්භ  කරන  ලද  අතර  මේ  වන  විට  වර්ශ  69ක  පමණ  දීර්ඝ  ඉතිහාසයක්  සනිටුහන්  කරන  ප්‍රදේශයේ  ප්‍රමුඛතම  පාසලයි. මේ දක්වා  සේවය  කල  විදුහල්පතිවරුන්ගේ  ගුරු මහත්ම  මහත්මීන්ගේ  අසීමිත  කැපවීම්  හා  දෙමාපියන්ගේ ,සම්පත්  දායකයන්ගේ, පරිඝනක  ශීලීන්ගේ, දායකත්වය  මෙන්ම  ආදි  ශිෂ්‍ය / ශිෂ්‍යයාවන්ගේ  නෙමසුරු  ආධාරය, අනුබලය  මත  විශාල  දියුණුවක්  අත්  කර  ගනිමින්  සිටී. දරුවන්ගේ  විශය  සංවර්ධනය  තුළින්  ජාතික  මට්ටමේ  විභාග  වලින්  ලබාගන්නා  ප්‍රතිඵල  ඉහල  ප්‍රතිශතයක  පවත්වා  ගැනීමටත් ,දරුවන්ගේ  පෞරුෂවත්  වර්ධනය  සඳහා  විශය  සමගාමී  වඩැසටහන්  විශාල  ප්‍රමාණයක්  වර්ශය  තුළ  ක්‍රියාත්මක  කිරීමටත්  වර්ථමාන  විදුහල්පතිතුමාගේ  මග  පෙන්වීම  යටතේ  ඇඳුරු  මඬුල්ල  කටයුතු  කරමින්  සිටිති .දිඹුලාගල  අධ්‍යන  කලාපයේ, මෙන්ම  උතුරු  මැද  පළාතේ  පමණක්  නොව  දෙස්  විදෙස්  තරඟවලට  දරුවන්  යොමුකරමින්  විවිධ  ජයග්‍රහණ  පාසල  වෙත  ගෙන  දීමට  සියළු   පාර්ෂව  කරන  කැපවීම  අගය  කරමි. දරුවන්ගේ  අධ්‍යන  ක්‍රියවලිය  මෙන්ම  විෂය  සමගාමී  කටයුතු  පාලනය  කරමින්  දරුවන්ට  ඵලදායීව  ක්‍රියත්මක  කිරීමට  වර්ථමාන  විදුහල්පතිතුමාගේ  මඟපෙන්වීම  යටතේ, සියුළු  කටයුතු  සාර්ථකව  ක්‍රියාත්මක  කිරීමට  සැමට  ශක්තිය  ධෛර්යලැබේවා  යැයි  ප්‍රාර්ථනය  කරන  අතර  දැනුම, කුසලතා, ආකල්ප  වලින්  පරිපූර්ණ  දරු  පිරිසක්  රටට  දායාද  කිරීමට  පාසල්  මාතාවට  හැකි  වේවා  යැයි  පතමි.

                                                                                                                                             

 

කේ.ජී.ජී.බණ්ඩාර
නියෝජ්‍ය විදුහල්පති
විලයාය ජාතික පාසල .