විලයාය ජාතික පාසල

පොළොන්නරුව

විලයාය ජාතික පාසල

Battle of the Brave Son's VNS VS DNS

schoolpodi.jpeg
schoolpodi.jpeg

1954 - 1956

බී. හේවාවිතාරණ මහතා

එවකට 01 සිට 05 ශ්‍රේණිය දක්වා පංති පැවැත්වූ අතර, එක් ස්වේච්ඡා ගුරුවරියක සහ ගුරුවරයෙක් සේවය කළේය . එක් පංතියකට ළමුන් 10 කට අඩු ප්‍රමාණයක් බැගින් එහි මුළු සිසුන් 50 ක පමණ සංඛ්‍යාවක් සිටි අතර, පොල් අතු සෙවිලි කළ ශාලාවක පාසල පවත්වා ගෙන යන ලදි.

1957 - 1969

ආර්. ඒ. ඩී. සයිමන් සිඤ්ඤො මහතා

ආර්. ඒ. ඩී. සයිමන් සිඤ්ඤො මහතා වසර 1957 - 1969 දක්වා කාලය තුළ පාසල හොදින් පවත්වාගෙන යන ලදි.

1971 - 1974

පී. කේ.සිරිසේන මහතා

පී. කේ.සිරිසේන මහතා වසර 1971 - 1974 දක්වා කාලය තුළ පාසල හොදින් පවත්වාගෙන යන ලදි.

1974 - 1977

එම්. ඩබ්. පෙරේරා මහතා

එම්. ඩබ්. පෙරේරා මහතා වසර 1974 - 1977 දක්වා කාලය තුළ පාසල හොදින් පවත්වාගෙන යන ලදි.

1977 - 1980

බී. පී. තණවීර ආරච්චි මිය

මෙම කාලයේදී අඩි 180ක් දිග නව ශාලාවක් ද, ගුරු නිවාස 02 ක්ද අලුතින් ඉදිවිය. මෙතුමියගේ කාලයේ විද්‍යාලයේ පළමු නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 1978 මාර්තු 18 වන දින අලංකාරවත් ව පැවැත් විය. මෙම කාලය තුළ විලයාය විද්‍යාලය මහා විද්‍යාලයක් ලෙස පෙරමුණට පැමිණියේ ය.

1980 - 1982

ආර්. ඩබ්. ජී. ධර්මදාස මයා

ආර්. ඩබ්. ජී. ධර්මදාස මයා වසර 1980 - 1982 දක්වා කාලය තුළ පාසල හොදින් පවත්වාගෙන යන ලදි.

1982 - 1983

ඩබ්.ඒ.ඩී. හේරත්හාමි මයා

ඩබ්.ඒ.ඩී. හේරත්හාමි මයා වසර 1982 - 1983 දක්වා කාලය තුළ පාසල හොදින් පවත්වාගෙන යන ලදි.

1983 - 1985

එස්. එම්. එස්. සමරකෝන් මයා

I ශ්‍රේණියේ විදුහල්පති වරයෙක් වූ සමරකෝන් මයාගේ සමයේ මෙම විද්‍යාලයේ පාසල් ගීතය ප්‍රථම වරට එළි දැක්විණි. මෙම කාලය වන විට විද්‍යාලය තුළ නව ගොඩනැගිලි රැසක් ඉදි විය. ඒවා මෙම විද්‍යාලය මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත් වීමට අඩිතාලම දැමී ය. මෙම පාසල තුළ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අනුබද්ධව සංවර්ධන කටයුතු රැසක් විද්‍යාලය වෙනුවෙන් සිදු විය. මෙම සමයේ විද්‍යාලයේ පළමු තූර්ය වාදක කණ්ඩායම එළි දැක්විණි.

1985 - 1987

අයි.බී.අයි. ටිකිරිබණ්ඩා මයා

අයි.බී.අයි. ටිකිරිබණ්ඩා මයා වසර 1985 - 1987 දක්වා කාලය තුළ පාසල හොදින් පවත්වාගෙන යන ලදි.

1987 - 1989

ජී. ඩී. ගුණරත්න මයා

ජී. ඩී. ගුණරත්න මයා වසර 1987 - 1989 දක්වා කාලය තුළ පාසල හොදින් පවත්වාගෙන යන ලදි.

1989 - 1990

එල්. බී. සමරකෝන් මයා

එල්. බී. සමරකෝන් මයා වසර 1989 - 1990 දක්වා කාලය තුළ පාසල හොදින් පවත්වාගෙන යන ලදි.

1990 - 1991

ආර්. එම්. බී. රත්නායක මයා

ආර්. එම්. බී. රත්නායක මයා වසර 1990 - 1991 දක්වා කාලය තුළ පාසල හොදින් පවත්වාගෙන යන ලදි.

1991 - 2009

පූජ්‍ය නිතුල් ගොල්ලෑවේ ධම්මාලංකාර හිමි

මෙම විදුහලේ විදුහල්පති වශයෙන් ද පත්වූ ස්වාමීන් වහන්සේ පාසලේ භෞතික හා අධ්‍යාපනික සංවර්ධනයට කැපවෙමින් වසර 18 කට වැඩි කාලයක් විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කළේ ය. එමෙන්ම 1991.08.15 දින සිට ක්‍රියාත්මක වන පරිදි විලයාය මහා විද්‍යාලය, මධ්‍ය මහා විද්‍යාලයක් විය. අනතුරුව මෙය නවෝද්‍යා පාසලක් බවට පත්වීම සිදු වූ අතර, පරිගණක විද්‍යාගාරයක් ලැබීම , උසස් පෙළ විද්‍යා විෂය ධාරාව ඇරඹීම සඳහා දෙමහල් විද්‍යාගාරයක් ලැබීම, දෙමහල් නේවාසිකාගාර ගොඩනැගිලි දෙකක් ලැබීම, දෙමහල් පුස්තකාලයක් සිසු දරුවන්ගේ පරිහරණයට ලැබීම යන භෞතික සංවර්ධනයේ විශේෂාංග රැසක් මෙකල හිමි විය.

2009 - 2012

පී.ඩී.ජී. දසනායක මහතා

මෙතුමා වසර 03 ක පමණ කාලයක් විද්‍යාලයේ සේවය කළේ ය. මෙකල ගුරු මණ්ඩලය 80 ක් පමණ ද සිසු ගහණය 2000 කට ආසන්න ද විය. මෙම කෙටි කාලය තුළදී පාසලේ විෂය කටයුතු, අධ්‍යාපන සංවර්ධන කටයුතු වලද දියුණුවක් ඇති විය. මෙතුමාගේ කාලය අවසන් වන විට මෙම විද්‍යාලය “පාසල් දහසක් නඟා සිටුවීමේ වැඩසටහන” සඳහා ඇතුළත් ව තිබිණ. .

2012 - 2016

ඩී. ආර්. ඒ. එල්. සුඛිත් රණසිංහ මහතා

ඩී. ආර්. ඒ. එල්. සුඛිත් රණසිංහ මහතා මෙහි විදුහල්පති ලෙස 2016 අප්‍රේල් මස දක්වා ම වසර 04 කට ආසන්න කාලයක් විද්‍යාලයේ භෞතික හා පාරසරික සංවර්ධනයට මඟ පෙන්වමින් සේවය කළේ ය. “පාසල් දහසක් නඟා සිටුවීමේ වැඩසටහන” යටතේ විලයාය විද්‍යාලයේ සිසු දරුවන් වෙනුවෙන් තාක්ෂණ විද්‍යාගාරයක් සහ තාක්ෂණ පීඨයක් ඉදිවිය.

2016 - 2021

ඩී. ඒ. ඩී. රත්නසිරි මහතා

මේ වන විට විලයාය මධ්‍ය මහා විද්‍යාලය එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ රජරට නවෝදය වැඩසටහනට සමගාමීව “පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ නව සංවර්ධනාත්මක පියවරකට අවතීර්ණ වී තිබිණි.

2021 - 2024

G.H.P. ප්‍රියන්ත කුමාර මයා

විලයාය විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස 2021 වසරේ සිට මේ දක්වා විදුහල්පති සේවයේ නියුතුව මෙතුමා කටයුතු කරයි. . මෙතුමාගේ නොපසුබස්නා උත්සාහය නිසා පාසල සුවිශේෂී පරිසරයක් සහිත විද්‍යාලයක් බවට පරිවර්තනය කිරීමට හැකි වී ඇත, අවසානයේ දී මෙම පාසල ජාතික පාසලක් බවට පත්විය.